දේශීය

සුනිල් පෙරේරා: ලාංකේය ජන ජීවිතයට වඩාත් සමීප සංගීත පුරාවෘත්තය

Sunil Perera (Photo Source: Internet)

ලාංකේය සංගීතයේ යුග නිරුපනය ජිප්සීස් නායක සුනිල් පෙරේරා නිහඬ විය. ලාංකේය බයිලා ප්‍රභේදයේ ගී ගායනයේ ප්‍රබලයෙකු වූ 68 හැවිරිදි සුනිල් පෙරේරා අද (9/6) සඳුදා මිය ගිය බව ඔහුගේ පවුලේ සාමාජිකයෝ පැවසූහ.කොවිඩ් ආසාදිතව සුවය ලබා නිවසට පැමිණ සිටියද ,ඇතිවූ හදිසි නිවුමෝනියා තත්වය හේතු කොට ඔහුගේ මරණය සිදුව ඇතැයි විස්වාස කෙරේ .

Sunil Perera – Gypsies (Photo Source: Internet)

ලංකේය සංගීත කණ්ඩායම් ගී ශෝනරයේ ප්‍රභල දායකත්වයක් එක් කළ ඔහුගේ සංගීත කණ්ඩායම වන ජිප්සීස් සමඟ බොහෝ විට ලාංකේය ජීවිතය හා දේශපාලනය ගැන ඍජු එහෙත් ජනප්‍රිය ගීත රැසක් සිත් ඇදගන්නා ආවේනික ස්වරයෙන් ගායනා කළේය.එසේම ගීත රැසක් තනු සහ සංගීත නිර්මාණය කරමින් සහ රචනා කරමින් සිය දායකත්වය ප්‍රභලව සමාජ ගත කළේය.

සුනිල් ඔහුගේ සංගීත කණ්ඩායම වන ජිප්සීස් සමඟ බොහෝ විට ලාංකේය ජීවිතය හා දේශපාලනය ගැන ගැඹුරින් සංවාද ඇතිකළේය .

කුරුමිට්ටෝ ,දැන දැන වැරදි කරනවා, i don’t no why?,සින්ඤෝරේ ලංකාවේ ,කොත්තමල්ලි වැනි සංවාදාත්මක ගී මෙන්ම රෝමාන්තික ගී ,බයිලා වේග රිද්මද එම ගී සන්චිතය පෝෂණය කළේය . දශක ගණනාවක් මංගල උත්සව සහ සාද වලදී මෙන්ම ප්‍රාසාංගික වේදිකාවේ වින්දනීය ඉසවුව බවට පත්වුයේ සුනිල් පෙරේරාය . 50 වසරකට වැඩිකලක් වේදිකාවේ මෙම සුන්දරත්වය මුසු කල මිනිසා සුනිල් ය .1952 දී උපත ලැබූ සුනිල් පෙරේරා වේදිකාවේදී සහ ඔහුගේ පටිගත කිරීම් වලදී සුනිල් උසස් ජවයකින් පිරි ගතික චරිතයක් විය.

සංගීත ශේෂ්ත්‍රයේ අපට සිටි පතාක යෝධයෙක් ලෙසත් සාධාරණ වෙනුවෙන් නොබියව කතාකල වාසි පැත්තේ නොව හරි පැත්තේ හිටගත් අයෙක් ලෙස ප්‍රකටය . වාදකයින් ගේ අගය සැම විට හදුනාගත් , ඒ වෙනුවෙන් තම යුතුකම ඉටුකල , තම නිර්මාණ වලට දායකවූ ශිල්පීන් වෙනුවෙන් හැමවිට තම වගකීම නොපිරිහෙලා ඉටුකල , සංගීත ශිල්පීන් වෙනුවෙන් නිහඩ සේවයක් කල ,අන් අය වෙනුවෙන් ජීවිතයේ හැමදාම උදව් උපකාර කල ,උත්තම මිනිසෙක් වෙනුවෙන් ලක්සර රේඩියෝව මෙම සටහන ලියාතබනා වගයි.ඔබට සුභ ගමන් !

(අවසන් කටයුතු අද 9/6 /2021 අද සවස බොරැල්ල කනත්තේදී සිදු කෙරේ .)

Recent Posts

  • දේශීය

ජ්‍යෙෂ්ඨ ගුවන් විදුලි මාධ්‍යවේදී අසෝක තිලකරත්න මහතා අභාවප්‍රාප්ත වෙයි

https://www.youtube.com/watch?v=OooczoXmaxs ජ්‍යෙෂ්ඨ ගුවන් විදුලි මාධ්‍යවේදී අසෝක තිලකරත්න මහතා අභාවප්‍රාප්ත විය. කොළඹ නාලන්දා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ…

  • ව්‍යාපාරික

“Charting Excellence: Sri Lanka’s Top 10 Real Estate Brands Shaping Prime Lands and Home Lands”

Two iconic real-estate giants Prime Lands and Home Lands were named Sri Lanka’s Top 10…

  • ආගමික

‘Madin’ Full Moon Poya

May you have a Blessed Madin Full Moon Poya Day ! ඔබ සැමට සුපින්බර මැදින්…

  • ව්‍යාපාරික

Vega Super Car Registration

පූර්ණ වශයෙන් මෙරටදී නිෂ්පාදනය කරන ලද මෝටර් රථයක් වන වේගා මෝටර් රථය සඳහා මෝටර් රථ…

  • තාක්ෂණික

Laksara Android App 3.9.7

Laksara Android App version 3.9.7 released ලක්සර දවසේ පැය විසිහතර පුරා සෑම දිනකම විකාශනය පවත්වාගෙන…

  • තාක්ෂණික

දියවැඩියාව බිංදුවට බස්සන කෝවක්කා කරල කරාපිටියේ හැදූ හැටි

සිරං­ගිකා ලොකු­ක­ර­විට silumina නිහඬ මාරයකු ලෙස හැඳින්වෙන දියවැඩියාව යනු තවමත් සුව කිරීමට ක්‍රමයක් සොයාගෙන නැති,…