ව්‍යාපාරික

Vega Super Car Registration

පූර්ණ වශයෙන් මෙරටදී නිෂ්පාදනය කරන ලද මෝටර් රථයක් වන වේගා මෝටර් රථය සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනුමැතිය ඊයේ (මාර්තු 3) හිමි විය.

ඒ අනුව පළමු වේගා මෝටර් රථය සඳහා ලියාපදිංචි අංක තහඩුව නිකුත් කිරීම ඊයේ දින(මාර්තු 3) ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම උත්සවයට අමාත්‍ය රමේෂ් පතිරණ මහතාද එක්විය.

ඒ එම මෝටර් රථයට හිමි අංක තහඩුව මෝටර් රථ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා වේගා මෝටර් රථය නිර්මාණය කළ කෝඩ්ජෙන් ඉන්ටර්නැෂනල් සමාගමේ හිමිකරු ආචාර්ය හර්ෂ සුබසිංහ මහතා වෙත ලබා දෙමිනි.

කෝඩ්ජෙන් සමාගම 2014 වසරේදී මෙම මෝටර් රථයේ නිෂ්පාදන කටයුතු ආරම්භ කළ අතර සුපර් කාර් ගණයට වැටෙන මෙම රථයේ සියලු කොටස් සහ මෘදුකාංග ශ්‍රී ලංකාව තුළ ම නිර්මාණය කර නිපදවීම විශේෂත්වයකි.

වේගා කාර් රථය පැයට කිලෝමීටර් 240ක උපරිම වේගයකින් ධාවනය කළ හැකි අතර එක් වරක් බැටරිය ආරෝපණය (Charge) කිරීමෙන් පසු කිලෝමීටර් 240ක උපරිම දුරක් ධාවනය කිරීමේ හැකියාව පවතී.

Recent Posts

  • දේශීය

ජ්‍යෙෂ්ඨ ගුවන් විදුලි මාධ්‍යවේදී අසෝක තිලකරත්න මහතා අභාවප්‍රාප්ත වෙයි

https://www.youtube.com/watch?v=OooczoXmaxs ජ්‍යෙෂ්ඨ ගුවන් විදුලි මාධ්‍යවේදී අසෝක තිලකරත්න මහතා අභාවප්‍රාප්ත විය. කොළඹ නාලන්දා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ…

  • ව්‍යාපාරික

“Charting Excellence: Sri Lanka’s Top 10 Real Estate Brands Shaping Prime Lands and Home Lands”

Two iconic real-estate giants Prime Lands and Home Lands were named Sri Lanka’s Top 10…

  • ආගමික

‘Madin’ Full Moon Poya

May you have a Blessed Madin Full Moon Poya Day ! ඔබ සැමට සුපින්බර මැදින්…

  • තාක්ෂණික

Laksara Android App 3.9.7

Laksara Android App version 3.9.7 released ලක්සර දවසේ පැය විසිහතර පුරා සෑම දිනකම විකාශනය පවත්වාගෙන…

  • තාක්ෂණික

දියවැඩියාව බිංදුවට බස්සන කෝවක්කා කරල කරාපිටියේ හැදූ හැටි

සිරං­ගිකා ලොකු­ක­ර­විට silumina නිහඬ මාරයකු ලෙස හැඳින්වෙන දියවැඩියාව යනු තවමත් සුව කිරීමට ක්‍රමයක් සොයාගෙන නැති,…

  • දේශීය

බ්‍රිතාන්‍යයයේ හොඳ ම නළුවා හිරාන් අරගලයට එකතු වෙන්න ලංකාවට පැමිණෙයි

2022 Laurence Olivier සම්මාන උළෙලේ හොඳ ම නළුවා සම්මානය හිමි කර ගත් රංගන ශිල්පී හිරාන්…