Sri Lanka's Super Car VEGA officially approved & receives vehicle registration number.

පූර්ණ වශයෙන් මෙරටදී නිෂ්පාදනය කරන ලද මෝටර් රථයක් වන වේගා මෝටර් රථය සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනුමැතිය ඊයේ (මාර්තු 3) හිමි විය.

ඒ අනුව පළමු වේගා මෝටර් රථය සඳහා ලියාපදිංචි අංක තහඩුව නිකුත් කිරීම ඊයේ දින(මාර්තු 3) ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම උත්සවයට අමාත්‍ය රමේෂ් පතිරණ මහතාද එක්විය.

ඒ එම මෝටර් රථයට හිමි අංක තහඩුව මෝටර් රථ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා වේගා මෝටර් රථය නිර්මාණය කළ කෝඩ්ජෙන් ඉන්ටර්නැෂනල් සමාගමේ හිමිකරු ආචාර්ය හර්ෂ සුබසිංහ මහතා වෙත ලබා දෙමිනි.

කෝඩ්ජෙන් සමාගම 2014 වසරේදී මෙම මෝටර් රථයේ නිෂ්පාදන කටයුතු ආරම්භ කළ අතර සුපර් කාර් ගණයට වැටෙන මෙම රථයේ සියලු කොටස් සහ මෘදුකාංග ශ්‍රී ලංකාව තුළ ම නිර්මාණය කර නිපදවීම විශේෂත්වයකි.

වේගා කාර් රථය පැයට කිලෝමීටර් 240ක උපරිම වේගයකින් ධාවනය කළ හැකි අතර එක් වරක් බැටරිය ආරෝපණය (Charge) කිරීමෙන් පසු කිලෝමීටර් 240ක උපරිම දුරක් ධාවනය කිරීමේ හැකියාව පවතී.

Ramesh Pathirama and Bandula Gunawardane at Vega Super Car Registration
Vega Super car founder Harsha subasinghe, Bandula Gunawardane, Ramesh Pathirana
කියවන්න:  "Charting Excellence: Sri Lanka's Top 10 Real Estate Brands Shaping Prime Lands and Home Lands"