(Best actor nominee Will Smith appeared to smack presenter Chris Rock in the face with an open hand and shouted a vulgarity at the comedian for making a joke about his wife’s appearance at the Oscars ceremony.)

94 වැනි වරට අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී පැවැත්වෙන 2022 ඔස්කාර් සම්මාන උළෙලේදී සුපිරි නළු විල් ස්මිත්(Will Smith) එහි නිවේදක ප්‍රහසන නළු ක්‍රිස් රොක්ට (Chris Rock) කම්මුල් පහරක් එල්ල කර තිබේ.

විල් ස්මිත් ඔස්කාර් වේදිකාවට ගොස් ක්‍රිස් රොක්ගේ මුහුණට එලෙස වැරෙන් පහර එල්ල කරන්නේ, නිවේදකයා සිය බිරිඳ වන පින්කට් ස්මිත්ගේ (Jada Pinkett) කොණ්ඩා මෝස්තරය සම්බන්ධයෙන් කරනු ලැබූ ප්‍රකාශයක් හේතුවෙනි.

එහිදී ජෙඩා පින්කෙට් ස්මිත් කොණ්ඩය බූගා තිබීම සම්බන්ධයෙන් සඳහන් කරමින් රොක් ඇයව හාස්‍යයට ලක් කර ඇත.

විල් ස්මිත්ගේ බිරිඳ මේ වන විට හිස කෙස් හැලීමේ (Alopecia) රෝගයකින් පෙළෙන බව විදෙස් මාධ්‍යය වාර්තා කර තිබේ.

මුලදී මෙය විහිළුවක් සේ පෙනුන ද එය විහිළුවක් නොවන බව පෙනී යන්නේ, පහර දීමෙන් පසු යළි සිය අසුන වෙත ගොස් ස්මිත් හඩ නඟා කළ ප්‍රකාශයත් සමගයි.

ඔහු එහිදී කෑ ගසා කියා සිටියේ තමන්ගේ බිරිඳගේ නම ඔබේ කටින් යළි ප්‍රකාශ නොකරන්න යනුවෙනි.

කෙසේ නමුත්, හොඳම නළුවාට හිමි සම්මානය ලබා ගැනීමෙන් අනතුරුව සම්මාන රාත්‍රීය අමතමින්, ස්මිත් සමාව ඉල්ලා සිටියේ ය.

“මට ඇකඩමියෙන් සමාව ගැනීමට අවශ්‍යයයි. මට මගේ සියලු ම සෙසු නාම යෝජනාකරුවන්ගෙන් සමාව ගැනීමට අවශ්‍යයයි”

(Will Smith speaking on the Chris Rock situation and he got emotional for his Oscars win for his role in King Richard)
කියවන්න:  Indrasiri Suraweera bags the Award for the Versatile Radio Presenter at 2022 State Radio Awards Ceremony