Image: Al Jazeera

හොලිවුඩ් නලු විල් ස්මිත් ට වසර 10 ක් යනතුරු ඔස්කා හෝ වෙනත් ඇකඩමි සම්මාන උළෙල සඳහා සහභාගී වීම තහනම් කර තිබෙනවා.

මේ බව සඳහන් නිවේදනයක් නිකුත් කරමින් ඇකඩමි සංවිධායකයන් සඳහන් කලේ පසුගියදා පැවති 94 වන ඔස්කා සම්මාන උළෙලේදී නිවේදක ක්‍රිස් රොක් ට කම්මුල් පහරක් එල්ල කිරීම හමුවේ මෙම තීරණය ගත් බවත් මෙම ක්‍රියාව කිසිදු ආකාරයකින් අනුමත කල හැකි ක්‍රියාවක් නොවන බව ඔවුන් සඳහන් කර සිටියි.

94වන ඔස්කාර් සම්මාන උළෙලේ දී ප්‍රහසන නලුවෙකුද වන ක්‍රිස් රොක් විසින් වේදිකාව මතදී විල් ස්මිත් ගේ බිරිඳට සිදුකල අපහාසාත්මක ප්‍රකාශයක් හේතුවෙන් විල් ස්මිත් විසින් ඔහුට පහර දී තිබිණි.

මෙම සම්මාන උළෙලේදී හොඳම නලුවා සම්මානයට හිමිකම් කීවේද විල් ස්මිත් වීම විශේෂත්වයකි.

පසුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් විල් ස්මිත් ප්‍රසිද්ධියේ සමාව අයැද අයැද සිටියේය. එම සිදුවීම හා සම්බන්ද විඩියෝවන් පහත දැක්වෙයි.

(Best actor nominee Will Smith appeared to smack presenter Chris Rock in the face with an open hand and shouted a vulgarity at the comedian for making a joke about his wife’s appearance at the Oscars ceremony.)
(Will Smith speaking on the Chris Rock situation and he got emotional for his Oscars win for his role in King Richard)
කියවන්න:  විෂම භාග සිනමා සිත්තම පරිණත සිනමා අධ්‍යක්ෂණයක්