ලෝක ප්‍රකට 2022 ලෝරන්ස් ඔලිවියර් සම්මාන (Olivier Awards) උළෙලේ හොඳ ම නළුවාට හිමි සම්මානය හිමි කර ගැනීමට ශ්‍රී ලාංකික රංගන ශිල්පියෙකු වන හිරාන් අබේසේකර සමත් විය.

ඔහු ඒ සම්මානය දිනාගත්තේ එංගලන්තයේ, ලන්ඩන් නුවර රෝයල් ඇල්බර්ට් ශාලාවෙහි පැවති මෙම සම්මාන උළෙලේදී යාන් මාර්ටෙල් විසින් රචිත ‘ලයිෆ් ඔෆ් පයි'(Life of Pi) නවකතාවේ වේදිකා අනුවර්තනය වෙනුවෙනි.

‘ලයිෆ් ඔෆ් පයි’ වේදිකා නාට්‍යයය ලොලිතා චක්‍බෝර්තිගේ(Lolita Chakrabarti) නිර්මාණයක නිර්මාණයක් වන අතර, සම්මානය ලබා ගත් අවස්ථාවේදී හිරාන් අබේසේකර සම්මාන උළෙල අමතමින් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ජනතා අරගලයට සහය පළ කිරීමට ද අමතක නොකළේ ය.

“මගේ රට ශ්‍රී ලංකාව, ඔවුන් මේ වෙද්දී අමාරු කාලයක් ගත කරමින් ඉන්නේ. මම ඔබ ගැන හිතනවා. මට ඔබ සමග එහි සිටියා නම් හොඳයි කියලා හිතෙනවා. මචං මම උඹලට ආදරෙයි. ජය වේවා..!” (tough time now… I think of you and wish I was there with you)

36 හැවිරිදි හිරාන් කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකි.

ඔලිවියර් සම්මාන, ලන්ඩනයේ වෘත්තීය රංග කලාවේ විශිෂ්ටයන් ඇගයීම සඳහා ලන්ඩන් රඟහල සංගමය විසින් වාර්ෂිකව පිරිනමනු ලබන අතර, ඔලිවියර් සම්මාන උළෙල බ්‍රිතාන්‍යයේ වේදිකා නාට්‍යය කලාවේ ඉහළ ම ගෞරවය ලෙස ජාත්‍යන්තරව පිළිගනු ලබයි.

චිත්‍රපට සහ රූපවාහිනිය සඳහා වන BAFTA සම්මාන සහ සංගීතය සඳහා වන BRIT සම්මානවලට එය වන අතරම එය ඔලිවියර් සම්මාන බ්‍රෝඩ්වේ ටෝනි සම්මාන සහ ප්‍රංශයේ මොලියර් සම්මානවලට ද සමාන ලෙස සැලකේ.

කියවන්න:  කන්ට්‍රි මියුසික් ඉතිහාසයේ පුරාවෘත්තය කෙනී රොජර්ස් දිවියෙන් සමුගනී