ශ්‍රී ලංකාවේ කෝඩ්ජෙන් ඉනවේටිවුස් සමාගම මඟින් නිපදවූ ලංකාවේ ප්‍රථම සුපර් කාර් කැටගරියට අයත් වේගා මෝටර් රථය අන්තර්ජාතික තලයට ගෙන යාමට අවස්ථාව ලැබී ඇත.

එය ස්විට්සර්ලන්තයේ ජිනිවා නුවරට රැගෙන යාම සඳහා කටයුතු සුදානම් කළ බව වාර්තා වේ.

2013 වසරේ ආරම්භ කරනලද කෝඩ්ජෙන් ආයතනය මඟින් මෙම රථය නිශ්පාදනය කිරීම ආරම්භ කරන ලද්දේ 2014 වසරේදී, කොඩ්ජෙන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී වන ආචාර්ය හර්ෂ සුභසිංහ මහතාගේ සංකල්පයකට අනුවයි.

වේගා නමින් නම්කර ඇති මෙම සුපර් කාර් රථයේ සියළු කොටස් සහ මෘදුකාංග ශ්‍රී ලංකාව තුළම නිර්මාණය කර නිපදවා ඇති අතර එය 100% ශ්‍රී ලාංකේය නිර්මාණයකි.

වේගා සුපිරි කාරයේ ව්‍යාපෘතියට මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු ශෂිරංග ද සිල්වා මහතා ඇතුලු පිරිසක් සම්බන්ධව කටයුතු කරනු ලැබූ අතර සම්පූර්ණයෙන්ම ශ්‍රී ලාංකීය වියතුන්ගේ දැනුමින් නිපදවූවකි.

සම්පූර්ණයෙන්ම විදුලියෙන් ධාවනය වන මෙම රථය, අශ්වබල 900ක ජවයක් ඇති පවර්ට්‍රෙන් එකකින් යුත් මෙම රථයට බලය සැපයෙන්නේ බ්‍රෂ් රහිත විද්‍යුත් මෝටර් දෙකකිනි. එම පවර්ට්‍රෙන් එක 1,500kg බරකින් යුක්ත මෙම රථය තත්පර 3.6ක දී පැයට කිලෝමීටර් 100ක වේගයකට පැමිණීමට සමත්ය.

වේගා කාර් රථයට ලබාගතහැකි උපරිම වේගය පැයට කිලෝමීටර් 240කි. එමෙන්ම එක් වරක් බැටරිය ආරෝපණය (Charge) කිරීමෙන් පසුු කිලෝමීටර් 240ක් ධාවනය කිරීමේ හැකියාවද මෙම රථය සතුව පවතී.

ලාංකීය ඉතිහාසය තුළ ශ්‍රී ලංකාවේම තාක්ෂණය සහ සම්පත් උපයෝගී කරගනිමින් නිපදවූ ප්‍රථම රථය වන “වේගා” අන්තර්ජාතික තලයට ගමන් කිරීම ලක්වැසියන් වන අප සැමට ගෞරවනීය ආඩම්බරයක් භුක්ති විදීමට ලැබෙන අවස්ථාවකි.

වේගා සුපිරි මෝටර් රථයේ නිර්මාණ පිරිස

සුපිරි “වේගා” මෝටර් රථයේ පළමු එළිදැක්ම

කියවන්න:  "Charting Excellence: Sri Lanka's Top 10 Real Estate Brands Shaping Prime Lands and Home Lands"