Laksara Android App version 3.9.7 released

Install laksara app

ලක්සර දවසේ පැය විසිහතර පුරා සෑම දිනකම විකාශනය පවත්වාගෙන යන ඔබ ප්‍රියතම ගුවන්විදුලි විකාශයයි. ලොව පුරා දහස් සංඛ්‍යාත ශ්‍රාවකයින් ගේ සිත් දිනාගත් ලක්සර රේඩියෝව, ජාත්‍යන්තරයට ස්ටීරියෝ නාද රටාව සහිතව විකාශය කළ ප්‍රථම ලාංකේය වෙබ් රේඩියෝවයි (2009).

ඉතාම ඉහළ ශබ්ද තාක්ෂණයත් සමග High Resolution Audio දත්ත අනුව විසුරුවා හරින ලක්සර සංගීතයේ, ඉතාම සියුම් නාදයන් පවා ඔබට ඇසීමට සලස්වයි. ශාබ්දික කලාවේ අපුර්වත්වය අප ඇප් මගින් ඔබට සමීප වෙයි. සංගීතය අපේ ජීවිතවලට විශාල බලපෑමක් එල්ල කරයි. එය අපව දිරිමත් කිරීමට, අපගේ මනෝභාවයන් වැඩි කිරීමට, අපට විවේක ගැනීමට සහ කතාවක් පැවසීමට උපකාරී වෙයි.

ඔබේ මෝටර් රථයේ ,නිවසේ ඩිජිටල්ශබ්ද පද්දතිය මෙන්ම, ඔබේ හෙඩ්ෆෝන් මගින් ඇසෙන ලක්සර ඇප් මේ කතාව නිසැකව ඔබට තහවුරු කරනු ඇත. අප භාවිත කරන ඉතා ඉහල සුභාවිත ,ජනප්‍රිය ගී එකතුව රිද්මය ,රසභාවය ,සහ විශ්වීය සංගීත රටා අනුගත වුවකි. එය ප්‍රමාණාත්මකව මෙන්ම ගුණාත්මකවද ඉහලය.ග්‍රැමෆෝන් තැටියේ සිට අද බිහිවූ ගීතය දක්වා අප සතුය.

නිරන්තරයෙන් කෙරෙන පර්යේෂණයන් මගින් වඩාත් ඉහල තාක්ෂණයක් ඔබ වෙත සමීප කිරීම අප වගකීමයි. අප සියුම් සංගීත සම්මිශ්‍රණය ඉහල ගුණාත්මක රසවින්දනයක් ඔබට ලබාදෙනු ඇත. එය ඔබ මිහිරිම හීනය වර්ණ ගන්වනු ඇත . උසස් රසවින්දනයට ඔබ හුරු කිරීම තුලින් අප ලැබූ තෘප්තිය අමිලය.

Laksara app installed android car setup
Laksara app installed android car setup screen
Laksara app playing android car setup
Laksara app playing android car setup

Laksara App Goole play store link

Download link : https://play.google.com/store/apps/details?id=com.siyalla.laksara&hl=en

ලක්සර ඇප් (Laksara App) ඔස්සේ

  • සුපැහැදිලි ස්ටීරියෝ (Stereo) අන්තර්ජාල විකාශයකට ඔබට සවන් දිය හැක.
  • ඉතා පහසුවෙන් පරිශීලණය කළ හැක.
  • වෙළඳ දැන්වීම් වලින් සම්පූර්ණයෙන්ම තොරය.
  • ඔබ රේඩියෝ විකශයට සවන් දී සිටිනා අතරතුර, දුරකතන ඇමතුමක් (GSM call) හෝ වට්ස් ඇප්, වයිබර් (VOIP call) දුරකතන ඇමතුමක් ලදවිට ලක්සර විකාශය ස්වයංක්‍රීයව තාවකාලිකව නතර වන අතර, දුරකතන ඇමතුම අවසානයේ එය නැවතත් ස්වයංක්‍රීයව ආරම්භවනු ඇත.
  • ලක්සර නවතම තොරතුරු යාවත්කාලින වීම් (updates) නෝටිෆිකේෂන් (notification) ලෙස ජංගම දුරකතනය වෙත ලැබෙනු ඇත.
  • ලක්සර ෆේස්බුක් (Facebook) මිතුරු එකමුතුව හා එකතු වීමේ හැකියාව.
  • ලක්සර ට්විටර් (Twitter) ගිණුම සමග එකතු වීමේ හැකියාව.
Car setup connected with Laksara app installed mobile phone via Bluetooth
Bluetooth connected car setup with Laksara installed mobile phone
Car setup connected with Laksara app installed mobile phone via Bluetooth
Car setup connected with Laksara app installed mobile phone via Bluetooth

Laksara Social Media

ෆේස්බුක් (Facebook): https://www.facebook.com/laksararadio/
ට්විටර් (Twitter) : https://www.twitter.com/laksaraonline
ලක්සර ඇප්ස් : https://www.laksara.com/mobile-apps/
තොරතුරු වල ආරක්ෂාව : https://www.laksara.com/privacy-policy/

කියවන්න:  දියවැඩියාව බිංදුවට බස්සන කෝවක්කා කරල කරාපිටියේ හැදූ හැටි