ලාංකේය Digital radio කලාවක පෙරවදන

ලක්සර ගුවන් විදුලියට දොළොස් වසරක් පිරෙයි. සයිබර් අවකාශයේ නව රේඩියෝ කලාවක් සොයා 2009 වර්ෂයේදී අරඹන ලක්සර ගුවන්විදුලි මාධ්‍යයේ දිශානතිය පිලිබඳ වගවූ  පර්යේෂණ  විකාශයකි.

ශබ්දාගාරයක විද්‍යාත්මක නිෂ්පාදනයක් වන ගීතය ඉහල රසාස්වාදයක් උදෙසා නිමවුවකි.එහෙත් ගුවන්විදුලි විකාශනයන් හරහා එම  ගුණාත්මක භාවයන් අව ප්‍රමාණයකින් ශ්‍රාවකයා වෙත  සමීපවීම වැලැක්වීම සඳහා නිරන්තර පර්යේෂණයක ලක්සර නිරතවීය .

 එහි ප්‍රතිපලයක් ලෙස ස්ටීරියෝ නාද රටා ගැඹුරෙන් අප්ලෝඩ් කිරීමට හැකිවූ අතර ,භාවිතා කරන ගීතයේ අන්තර්ගත දත්ත කේත වැඩිකරමින් සහ එය විකේතනය කිරීමේ සියුම් බව වැඩිකරමින් ,අන්තර්ජාලයට මුසුකරන වඩාත් ගුණාත්මක  රේඩියෝව බවට ලක්සර ගුවන්විදුලියට හැකිවිය.

අද  විට ලොව ඉහලම ශබ්ද අංකිත රටාව වන High Resolution Audio අධි අංකිත රටා මුසු කර Digital නාද එලෙසින්ම ඉතා උසස් ලෙස ශ්‍රවණයට ඉන් අවස්ථාව සලසා ඇති අතර,එම තාක්ෂනය මුල් වරට භාවිත කල ගුවන්විදුලිය වන්නේද ලක්සරයි.දොළොස් වසරක්  තුල අප කල නිරන්තර පර්යේෂණ ලාංකේය Digital radio කලාවක පෙරවදනයි.

ලක්සර සුභාවිත සහ පොප් (ජනප්‍රිය) කුලකය තුල රැදී ගී එකතුවක්, රිද්මය සහ  රසභාවය අනුව සැකසුනු පෙළගැස්මක් රසිකයාට සමීප කරයි .ලාංකේය ජනප්‍රිය ගීතය මෙන්ම ලොව අතිශය රසික ප්‍රසාදයට පත් ගී ද අප පෙළගැස්මට අනුගතය .එය ප්‍රමාණාත්මකව මෙන්ම ගුනාත්මකවද ඉහලය .

ග්‍රැමෆෝන් ගීතයේ සිට මේ දක්වා බිහිවූ විශාල  ගීත සංචිතයක් අප සතුය.

ලක්සර මෙතෙක් ආ මග කිසිදු මුල්‍යමය  ප්‍රතිලාභයක්  නොවිණි .එහෙත් උසස් රසවින්දනයට ඔබ හුරු කිරීම තුලින් අප ලැබූ තෘප්තිය අමිලය.  

මෙතෙක් අප සමග රැදී,අප රසවිඳින  ඔබ සියළු දෙනා හට දොළොස් වර්ෂයක්  සපිරෙන මොහොතේ ,ශීර්ෂ ප්‍රණාමය පුදකර සිටින්නෙමු .එසේම ලක්සර සාර්ථකත්වයට  උරදෙන සියළු සහෘදයින් වෙත ද ගෞරවය  පුද කරන්නෙමු .

කියවන්න:  2022 වසරේ ඔස්කාර් (ඇකඩමි) සම්මාන ජයග්‍රාහක ලැයිස්තුව