ජ්‍යෙෂ්ඨ ගුවන් විදුලි මාධ්‍යවේදී අසෝක තිලකරත්න මහතා අභාවප්‍රාප්ත විය.

කොළඹ නාලන්දා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ තිලකරත්න මහතා 1967 වසරේදී ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට එක්වූයේ නීති ශිෂ්‍යකුව සිටියදීය. ඉංග්‍රීසි සේවයේ සහන නිවේදකයෙකු ලෙස ඇතුළත් වූ ඒ මහතා ගුවන් විදුලි කලාවට දැක්වූ දැඩි ආශාව නිසාම නීතීඥයෙකු වීමේ ආසාව අත්හලේය

ඉංග්‍රීසි සේවයේ සහන නිවේදකයෙකු ලෙස ඇතුළත් වූ ඒ මහතා පසුව ඔහු සිංහල අංශයේ සහන නිවේදකයෙකු ලෙස එක් විය. ඔහු සිංහල හා ඉංග්‍රීසි යන භාෂා ද්විත්වයෙන් ම ප්‍රවෘත්ති ඉදිරිපත් කළ නිවේදකයෙකු ද විය.

ඔහු ලක්හඬ ගුවන්විදුලියේ ආරම්භක වැඩසටහන් කළමණාකරු (1990) ලෙස වසර 6ක පමණ කාලයක් කටයුතු කළේ ය.

ලක්සර අන්තර්ජාල වෙබ් රේඩියෝවේ උපදේශකයකු ලෙසද කටයුතු කළ ඒ මහතා සිය අත් දැකීම් ගුරුහරුකම් නව මාධ්‍ය ඔස්සේ නව පරපුර සමග බෙදා ගැනීමට අමතක නොකළේය.

ඔහු මෙරට ගුවන් විදුලියේ ස්වර්ණමය යුගයේ පෙරගමන්කරු ලෙස සැලකෙන රිජ්වේ තිලකරත්නගේ එක ම සොහොයුරා ද වෙයි.

කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා මියයන විට 82 හැවිරිදි වියේ පසුවිය.

කියවන්න:  අපි එතෙර. ගෙදර අය මෝඩ නැත-කුමුදු ෆොන්සේකා