කුමුදු ෆොන්සේකා.-දිගු කාලීන සංචාරක හෝටල් ශේෂ්ත්‍රයෙහි මුල්‍ය කටයුතු පිලිබඳ අධ්‍යක්ෂ වරයෙකි .ආර්ථික විශ්ලේෂකයෙකි .කටාර් රාජ්‍යයෙහි ස්ටැෆර්ඩ් ශ්‍රී ලංකා පාසලෙහි ආරම්භක සභාපතිවරයා ද වේ .

නීග්‍රෝ ජාතිකයන් අප්‍රිකාව හැර දා ඇමරිකාවට සංක්‍රමණය වූයේ එහිදී වඩාත් සුඛදායි ජීවිතයක් උරුම වන බව දැන ගෙන නොවේ.ශ්‍රි ලාංකිකයන් ද උපන් බිම හැරදා ගියේ ද එවන් පැහැදිලි අරමුණක් ඇතිව නොවේ.මිලියන දෙකහමාරක් පමණ වන ලාංකික ප්‍රජාවක් තම පවුල් සංස්ථාවන් හැරදා මෙරටින් ගියේ මෙහි තිබු රැකියා වියුක්තියක් දරා ගත නොහැකි ජීවන බරත් හමුවේ වෙනත් විකල්පයක් නොවූ නිසාය.එලෙස විදේශ ගත වු මව් පියන් දරුවන්ට සුන්දර අනාගතයක් සකස් කළේ ඔවුන් ඉතා දුෂ්කර ජීවිත ගත කරමිනි.

ශ්‍රි ලංකාවේ මංමාවත් සංවර්ධනයට, සෞඛ්‍ය සේවා නැංවීමට,යුධ ආයුධ ගැනීමට ආදී සියල්ලට විදේශ විනිමය ලබා දුන්නේ අපේ ම රටේ විරුවන් බව අමතක නොකළ යුතුය.රටේ සෞඛ්‍ය අංශයට අවශ්‍ය ඖෂධ වලින් 95%ක්ම අපනයනය කරන අතර ඒ සඳහා ද විදේශ විනිමය අවශ්‍යය.අද වන විට ලෝකය වෙලාගෙන ඇති කොවිඩ් -19 වසංගත තත්වය මැඩලීමට මෙන්ම අත්‍යවශ්‍ය උපකරණ සහ ඖෂධ මිලට ගැනීම සඳහාද විදේශ විනිමය අත්‍යවශ්‍ය වේ.රටේ ජනගහනයෙන් හරි අඩකට වැඩි ප්‍රමාණයක් සදහා විදේශ රැකියා ලාභීන්ගේ මුදල් වලින් සුබ සාධන කටයුතු සිදු කරනු ලබයි.අත්‍යවශ්‍ය ආහාර පාන මෙන්ම අනෙකුත් බොහෝ දේ අපනයනය කිරීමේදී විදෙස් ගත ශ්‍රමිකයන්ගේ දායකත්වය ඉතා ඉහළ ය.

ඉතාලියෙන් පමණක් නොව ලෝකයේ කුමන රටක සේවය කර මෙහි පැමිණියද ඔවුන් අපේ පුරවැසියන් බව අමතක නොකළ යුතුය.චීනයේ අධ්‍යාපනය ලැබූ සිසුන් කණ්ඩායම ක් පවතින අර්බුධකාරී තත්වය යටතේ මෙහි ගෙන්වූ බව නොරහසකි.එහෙත් එවැනි ම අධ්‍යාපන අවශ්‍යතා සඳහා ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, එංගලන්තය, මැලේසියාව සහ වෙනත් බොහෝ යුරෝපියානු රටවලට ගිය සිසුන් ද දහස් ගණනක් සිටින බව මතකයේ තබා ගත යුතුය.මෙම කණ්ඩායම් නිරෝධායනය කිරීමට යම් ක්‍රියෑ මාර්ගයන් ගෙන් ඇත්දැයි විමසා බැලිය යුතුය.මෙවන් විපතක් පෙනෙන මානයක නොතිබූ යුගයක එනම් මීට වසර අටකට පමණ පෙර එවකට සිටි විදේශ කටයුතු ඇමති වරයා ගෙන් මා ප්‍රශ්නයක් අසමින් විමසා සිටියේ හදිසියේවත් විදෙස් ගත පුද්ගලයින් ලක්ෂ දෙකහාමාරක් එකවර ලංකාවට පැමිණි ය හොත් ඒ වෙනුවෙන් ඔබ ගන්නා ක්‍රියා මාර්ග මොනවාද යන්න යි.එතුමාගේ පිළිතුර වූයේ එවන් දෙයක් පිළිබඳ කිසිවක් සිතා නැති බවයි.
මෙම ආපදා කාරි අවස්ථාවේ කොවඩ්-19 රෝගීන්ට මූලිකත්වය දෙනු ලබන අතර වෙනත් අසාධ්‍ය රෝගීන් සඳහා කළ හැකි දේ අවම විය හැකිය.ඒ පිළිබඳ වද අප සිතිය යූතුය.

කියවන්න:  සුනිල් පෙරේරා: ලාංකේය ජන ජීවිතයට වඩාත් සමීප සංගීත පුරාවෘත්තය

මෙම කාල සීමාව තුළ ආර්ථික කළමණාකරණය, විදේශ ණය වාරික,රුපියලේ අගය අවප්‍රමාණ වීම වළක්වා ගැනීම,රැකියා විරහිත භාවය, විදේශ ප්‍රතිපත්තිය,වැනි මාතෘකා පිළිබද කතිකාව ඉතා වැදගත් ය.ඇතැම් බංකොලොත් දේශපාලන මතධාරීන් සහ බංකොලොත් ආර්ථික න්‍යායන් ජාතියක් අනාථ කරන බව පෙනීයයි.ජාතික ආණ්ඩුව ක් හෝ හමුදා පාලනයක් අපට අවැසි නොවේ.මෙතුවක් රට අගාධයට ගෙන ගිය දේශපාලන පක්ෂ සහ මුහුණු වෙනස් කර සැබවින්ම රටට ආදරය කරන නව පක්ෂ සහ පුද්ගලයින්ගෙන් සැදූම් ලත් පාර්ලිමේන්තුවක් මගින් රට ගොඩ නැගීම ආරම්භ කළ හැකි ය.ආගමිවාදී, ජාතිවාදී නම් වලින් පෙනී සිටින පක්ෂ තහනම් කළ යුතු අතර වංචා දූෂණවලට සම්බන්ධ වූ දේශපාලන බලධාරීන් නීතිය හමුවට ගෙන යා යුතුය.

අවසාන වශයෙන් අපගේ මව් භාෂාව සහ කෘෂිකර්මාන්තය පිළිබඳ යහපත් ආකල්පයක් ඇති කර ඒ සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබා දීම ටද කටයුතු කළ හැකි ය.
මෙම දරුණු ව්‍යසනය හමුවේ අප තේරුම් ගත එකම දෙය නම් ලාංකිකයන්ගේ ආකල්පමය වෙනසක් සිදු විය යුතු වාක් මෙන්ම විනය ගරුක බවද නීති ගරුක බවද බොහෝ සේ සංවර්ධන විය යුතුම ය.

කුමුදු ෆොන්සේකා.-දිගු කාලීන සංචාරක හෝටල් ශේෂ්ත්‍රයෙහි මුල්‍ය කටයුතු පිලිබඳ අධ්‍යක්ෂ වරයෙකි .ආර්ථික විශ්ලේෂකයෙකි .කටාර් රාජ්‍යයෙහි ස්ටැෆර්ඩ් ශ්‍රී ලංකා පාසලෙහි ආරම්භක සභාපතිවරයා ද වේ .