කුමුදු ෆොන්සේකා.-දිගු කාලීන සංචාරක හෝටල් ශේෂ්ත්‍රයෙහි මුල්‍ය කටයුතු පිලිබඳ අධ්‍යක්ෂ වරයෙකි .ආර්ථික විශ්ලේෂකයෙකි .කටාර් රාජ්‍යයෙහි ස්ටැෆර්ඩ් ශ්‍රී ලංකා පාසලෙහි ආරම්භක සභාපතිවරයා ද වේ . 

සිරස් පන්ති කාමරය සහ සිරස් පාසල් සංකල්පය, අද වන විට ක්‍රමයෙන් භාවිතයට ගනිමින් සිටිති. වෛරසය සමඟ ඇති වී තිබෙන පාසල් වසා දැමීම නිසා, සිරස් පාසල පිළිබඳ සියලු දෙනාගේ අවධානය යොමු වී ඇත. ශේෂ තාක්ෂණික දියුණුවත් සමඟ, අධ්‍යාපනය ලොව පුරා වාණිජමය වූ අවස්ථාවක, උසස් අධ්‍යාපන ආයතන විශේෂයෙන් යොදා ගන්නා ලදී. මෙම සංකල්පය සඳහා ඇති ඉල්ලුම වැඩි වූයේ, පැත්තකින් වියදම අවම කරගැනීමට ඇති හැකියාවත්, ඉල්ලුමක් ඇති ස්ථානවලට පහසුවෙන් අධ්‍යාපනය ගෙන යාමට තිබෙන හැකියාවත් තුළ, පූර්ණ අධ්‍යාපනයට, රැකියාවක් සඳහා අවශ්‍ය කරන අධ්‍යාපන සුදුසුකමක් වීම පමණි.

        2001 වසරේ කුඩා ළදරු පාසලකින් පටන් ගත් ස්ටැෆර්ඩ් ජාත්‍යන්තර පාසල 2013 වන විට සෑම පංතියකටම  ද E- learning අධ්‍යාපනය පහසුකම් ඇති කර තිබුණේ, ඉහත කී සාධක නිසා ම නොවේ. 2015 වන විට පාසලේ  නිර්මාතෘ හැටියටත් එහි සභාපති හැටියටත් මා සමග සිටි කණ්ඩායමසූදානම් ව සිටියේ ,පාසලේ අරමුණ ගොඩනගන අංග සම්පූර්ණ ගොඩනැඟිලලක් දෝහා කටාර්හි බිහි කිරීමටය. 2016 වන විට එය නිර්මාණය කර අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය ද, සූදානම් කර මුදල් ප්‍රතිපාදන මේ සඳහා අවශ්‍යය කරන සියලු  පහසුකම් සූදානම්ව තිබුනේය.

තාක්ෂණවේදීන්ගේ මග පෙන්වීම ඇතිව, නූතන තාක්ෂණය යොදා ගත් අංග සම්පුර්ණ පාසලක්, ඒ සඳහා අවශ්‍යය කරන සංස්කෘතිය2017 වන විට,  පාසලේ e-learning, සිරස් අධ්‍යාපනය, paperless tab භාවිතය ඇති පන්ති ඇති කිරීමට හැකිවූයේ, පාසලේ එක් පැත්තකින් කළමනාකරණයට ගුරුවරුන්ටත් දරුවන්ටත් මැදිහත්වී, පැහැදිලි කිරීමට තිබූ දක්ෂතාවය නිසාය.

මැද පෙරදිග දරුවන්ගේ පාසල් අධ්‍යාපනය, තමාගේ පියා ගේ රැකියාව මත බැඳී සිටී. පියාගේ රැකියාව අහිමි වන අවස්ථාවන් වලදී, දරුවාගේ අධ්‍යාපනය ට  කණකොකා හඬලන බව මා හොදින් දැන සිටි කාරණාවකි. දෙමවුපියන් තම දරුවන් සමඟ තම රට පැමිණීමට බලාපොරොත්තු වූ අවස්ථාවේදී,  පාසලක් සොයා ගැනීමට ඇති අපහසුතාවය, මුදල් අපහසුතාවය, මා සමග සාකච්ඡා කළේ ඒ පිළිබඳව අධ්‍යාපන ක්‍රමයෙන්, නොසැලකිලිමත්  නිසා ය. සිරස් අධ්‍යාපනය, ස්ටැෆර්ඩ් ශ්‍රි ලංකා පාසල ඇති කිරීමෙන් දරුවන්ට සහ නැතිබැරි කම් ඇති දෙමාපියන්ට සහනයක්  ලැබීම, අන්තර්ගත ලක්ෂණයකි.

  • සිරස් අධ්‍යාපනය හා e-learning හරහා එදිනෙදා අධ්‍යාපනය කළමනාකරණ ක්‍රමයෙක් දමා ඇති කළේ ය.
  • අවුරුද්දමුලසෑම පන්තියට අදාළ විෂය මාලාවසඳහන් කළ යුතු ව තිබේ. එයට අනුකූලව කාල සටහනට අනුව ගුරුවරයා විසින් අපි මුලවැඩ සටහන ඉදිරිපත් කළ යුතුව ඇත.
  • මේ අනුව සෑමදෙමාව්පියෙක් ම දරුවා පාසලේකරන වැඩ සම්බන්ධයෙන් මනා අවබෝධයකින් සිටි.
  • මෙහි අන්තර්ගත දෑ නම්, පාවිච්චි මුද්‍රිත පොත් වල අභ්‍යාස.
  • ඒ සඳහා ගුරුවරයා යොදා ගන්නා ක්‍රියාකාරකම් පදනම් අධ්‍යාපන ක්‍රමයයි.
  • දරුවන් විසින් කළ යුතු ගෙදර වැඩ
  • ඔහුගේ අභ්‍යාස වලට අදාළ ප්‍රශ්න පත්‍ර සහ පසුගිය ප්‍රශ්න පත්‍ර වලින් උපුටාගත් උත්තර පත්‍ර .
  • දරුවන්ගේ එදිනෙදා වැඩකටයුතු ගුරුවරයා සමග බෙදාගැනීමට ක්‍රමවත් පද්ධතියක් විය.
කියවන්න:  සියලු ශ්‍රී ලාංකිකයන්ගේ ආකල්පමය වෙනසක් සිදු විය යුතුයි

E-learning, tab භාවිතා කරන අධ්‍යාපන ක්‍රම වේදයට සමගාමීව, දරුවන් කලින් කරන විභාග ප්‍රතිඵල අනුව, ලකුණු අධීක්ෂණයට පහසුකම් ඇති කළේ, දෙමාපියන් සමඟ දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳව ඇගයීමක් ඉදිරිපත් කිරීමට ගුරුවරයාට පහසුකම් ඇති කිරීමටය.

විභාග ප්‍රශ්න පත්‍ර වැඩියක්ම භාවිතා වුනේ ,edexcell අධ්‍යාපන ක්‍රම වේදීන්ගේ සකස් කිරීම් අනුව ය. දුර්වල සිසුන් සඳහා විශේෂ පන්ති පැවැත්වූ අතර, ගුරුවරුන්ට ටියුෂන් දීමේ හැකියාව සම්පූර්ණයෙන් නැති කර තිබුණි. ගුරුවරුන්ට ඒ වෙනුවෙන් දිරිගැන්වීමේ දීමනා ලබා ගැනීමට හැකිවිය.

මීට සමගාමීව, සිංහල භාෂාවේ ප්‍රවර්ධනය සඳහා සිරස අධ්‍යාපන වැඩසටහනක් ආරම්භ කෙරිණි . 2012 වසරේය මව් බස පිළිබඳව දෙමාපියන් නො සැලකිල්ලක් දක්වන බව මා දුටු අවස්ථාවේ දී, මෙම විශේෂ වැඩසටහන හරහා මෙම පාසලේ විතරක් නොව අනිත් පාසල් වල ද දරුවන්ට දෙමළ භාෂාව හැදෑරීමට අවස්ථාවක් ලබාදීමට අප පාලක මණ්ඩලය ක්‍රියාකාරී විය.2017 දේශපාලන ඇඟිලි ගැසීම්, පාසලට පැමිණෙනමින් තිබූ අවස්ථාව යහපාලන ක්‍රියාදාමයන් කඩා වැටීම, කනගාටුවට කාරණාවකි.

     කොරෝනා  වෛරසය ඒ නිසා  සමාජ දුරස්ථ විය. එම නිස දුරස්ථ අධ්‍යාපනය ද යොදා ගැනීමට ඔවුන් උනන්දු කරයි. එහි ‍ප්‍රතිඵලයක් හැටියට එදා මා විසින් මුල පුරන ලද , සිරස අධ්‍යාපනය නැවත යොදා ගැනීම මහත් සතුටකි.

මා සමග කටයුතු කළ, උපාලි ජයසිංහ විදුහල්පතිතුමා සමග පාසලේ සිංහල ගුරුවරියන් තිදෙනකුගේ සහය ඇතිව, මෙම සිංහල භාෂාව සඳහා විද්‍යුත් පොත් කට්ටලයක් සූදානම් කර ,ලංකාවේ අධ්‍යාපන අමාත්‍යංශය සමඟ සාකච්ඡාවක යෙදුනේ එමගින් , පිටරට වෙසෙන  ජාත්‍යන්තර පාසල් වල අධ්‍යාපනය ලබන සිසුන් සඳහා, විශේෂ සිංහල විෂය නිර්දේශයක්  පිළිගත් විභාගයක් ඇති කිරීමට සූදානම් කර තිබුණු බව, මට ප්‍රකාශ කළ හැක

අපේ දොහ කටාර් හි, ශ්‍රී ලංකා පාසල, සිරස්  අධ්‍යාපනයේ යෙදෙන අවස්ථාව වන විට ශ්‍රී ලංකාවේ පශ්චාත් උපාධි ආයතන හැරුණු විට කිසිම පාසලක් ඒ සඳහා යොමු වී තිබුණේ නැත.

    Cisco වැනි ඉතාම ඉහල පෙලේ ආයතන තොරතුරු තාක්ෂණ විසඳුම්, මේ අතරින් virtual classroom සංකල්පය, අධ්‍යාපන ක්ෂේත්‍රයට ඉදිරිපත් කර තිබේ. එය අපවැනි දුප්පත් රට වලටට ඔරොත්තු  නොදෙන තරමට මිල අදික ව්‍යාපෘතිය .2015 සම්මන්ත්‍රණයට සහභාගි වූ මම ඉහළ පෙළේ අධ්‍යාපනවේදීන් ඉදිරිපිට ඇසූ ප්‍රශ්න දෙකකට ලැබුණු උත්තර ප්‍රමාණවත් නොවේ. මෙම ක්ෂණික විසඳුම් ,කුඩා පාසල් වලට ගැලපෙන පරිදි  වෙනස් වෙනවද? පාරම්පරික අධ්‍යාපනය ක්‍රමයෙන් ගුරුවරයගෙ සහ දරුවාගේ සම්බන්ධතාවය තුළින් බිහි කිරීමට බලාපොරොත්තුවන හොඳ දරුවා යන සංකල්පය සඳහා භාවිතය කුමක්ද?

කියවන්න:  අපට පුතේ මගක් නැතේ-කුමුදු ෆොන්සේකා.

   කෙසේ වෙතත් අධ්‍යාපනය  සඳහා කැපවූ පිරිසක්, මේ රටේ සිටී නම් ,ලොවේ අනෙක් පාසල්වල ද, වඩා  අඩු වියදමට සෑහීමට පත්විය හැකි සිරස් අධ්‍යාපන ක්‍රමයක් ඇති කර ගැනීම වැදගත් වේ. ඒ සඳහා අපටම අවේනික virtual classroom සංකල්පයක් open source software මගින්  අඩු වියදමකින් නිර්මාණය කරගත යුතු වේ .

     හැබවින්ම කොරෝනා  වෛරසය, අධ්‍යාපන ක්‍රමයට නව ජීවයක් වන බවට නිසැකය. සිව්වන වසරේ සිට සෑම පාසලකම යොදාගත හැකි, e-learning සහ රටට සුදුසු සන්නිවේදන ක්‍රමයක් බිහි කිරීම අඩු වියදමකින් කළ හැක. මෙය නිදහස් ධ්‍යාපනයට බාධාවක් විය යුතු නැත. ජාත්‍යන්තර පාසල් වලට අනිවාර්ය කිරීමෙන්, කුඩා පාසල් වලට සහනාධාරද  සැපයිය හැක. එමගින් අධ්‍යාපන ක්‍රමයටම තාක්ෂණ සම්බන්ධතාවයන් බිහිකිරීම ඉතා වැදගත්ය.

   රටේ භාණ්ඩාගාරය කල් නො යවා, මේ සඳහා මුදල් ප්‍රතිපාදන ය කර, අධ්‍යාපනයට  අවශ්‍ය කරන ප්‍රතිසංස්කරණය සිදු කිරීම,එය  අදම කිරීම අද ඉතා වැදගත් වී තිබේ.

එසේම ,මුදල් මුද්‍රණය කර අනාගතයේ අවශ්‍යතාවයන් සඳහා ශ්‍රම දායකත්වය ද (human capital )යොදා ගැනීමක් ද ඉතාම වැදගත් වී ඇත.

කුමුදු ෆොන්සේකා.-දිගු කාලීන සංචාරක හෝටල් ශේෂ්ත්‍රයෙහි මුල්‍ය කටයුතු පිලිබඳ අධ්‍යක්ෂ වරයෙකි .ආර්ථික විශ්ලේෂකයෙකි .කටාර් රාජ්‍යයෙහි ස්ටැෆර්ඩ් ශ්‍රී ලංකා පාසලෙහි ආරම්භක සභාපතිවරයා ද වේ .