කුමුදු ෆොන්සේකා.-දිගු කාලීන සංචාරක හෝටල් ශේෂ්ත්‍රයෙහි මුල්‍ය කටයුතු පිලිබඳ අධ්‍යක්ෂ වරයෙකි .ආර්ථික විශ්ලේෂකයෙකි .කටාර් රාජ්‍යයෙහි ස්ටැෆර්ඩ් ශ්‍රී ලංකා පාසලෙහි ආරම්භක සභාපතිවරයා ද වේ .

අද කොරෝනාව නිසා තියෙන තත්වයට ගත යුතු තීරණ දෙකකි. අත හැර යාම හෝ ආරක්ෂා කිරීමයි. (Abandon or defense). මෙසේ රට වසා තිබියදී corona පිළිබඳ හොඳ ලකුණු තිබුණ ද, මැරි මැරී උප දින ආර්ථිකයක් බිහි විය හැක. සෞඛ්‍ය වේදීන් හා ත්‍රිවිධ හමුදාව, දේශපාලන ස්ථාවරය ට අනුව තීරණය කිරීම දේශපාලනඥයන්ට තබා ,ඔවුන්ට හිමි කාර්ය විධිමත්ව කරන බව මාධ්‍ය ප්‍රකාශ කරයි. ඔටුනු පැළඳ විය යුත්තේ ශක්තිමත් බෙල්ලක් ඇති කෙනෙකුට විය යුතු ය. මෙවැනි ව්‍යසනයක දී, රජයට සහාය දෙන බව දේශපාලනඥයින් කියා සිටිය ද, පාලනයට ඒ ගැන කිසිම විශ්වාසයක් නැත. රජය කළ හොඳම වරද ගෙන ගිය ආරක්ෂක වැඩපිළිවෙළ බව, අනාගතයේ විරුද්ධ දේශපාලන පක්ෂ හේතු දක්වන බව, මට අනාවැකියක් වශයෙන් කිව හැක.

යුද්ධයට වැඩිය දේශපාලනය භයානක ය. යුද්ධයෙන් මැරෙන්නේ එක වතාවක් පමණයි. ලංකාවේ දේශපාලන මිත්‍රයෝ ඇනගෙන ඇනගෙන යන්නේ පස්සට නොවේ. ඉතිහාසය තුරාවට ප්‍රජාතන්ත්‍රවාදයෙන් කළේ, ජනප්‍රියත්වය වැඩිම පුද්ගලයින් තේරීමයි . අද රට අරිනවාද රට වසා තබනවා ද යන්න ප්‍රශ්නයකි. ඊට වැඩිය එයට ඉහළින් මාධ්‍යයට ඇත්තේ දේශපාලන රියලිටි reality ෂෝ එකයි. මෙම වෛරසයට වැඩිය, දේශපාලන රියලිටි ෂෝ එක මාධ්‍යයට වැඩිම ආදායම් ගෙන දෙන මාර්ගයක් බව සියලු දෙනා දනී. ලංකාවේ 360 දවසෙ ම, දේශපාලනඥයෝ ඇති කරන්නේ ,මාධ්‍යවේදීන්ට හිතවතුන් බව අපි දන්නා කාරණයකි.

ආර්ථිකය වැටුනොත්, සාගින්නෙන් පෙළෙන වුන් දැන් ඉතින් නැගිටියව් කියමින් මැයි දිනයේදී කියා ගන්න බැරි වූ දේ, හඬ නගමින්, බහුතර බලය වෙනුවට පාර්ලිමේන්තු වේ කථික තරඟය ට සූදානම් වනු ඇත. තවත් එක්ක ඡන්දය කල් දමා, පක්ෂ මුක්කු ගසා තවත් සුසුම් හෙලා පක්ෂය තර කර ගැනීමට ASP ලා වෙනුවට DIG ල ලංකර ගැනීමට උත්සාහ දරනු ඇත.
අහෝ ඛේදයකි. ආසන පාවාදුන්නෙමු. රට ද පාවා දෙන්නෙ මේ වැදගත් මහත් උරුමය. මේ අය පත් කර ගැනීමට, අම්මා අප්ප අතහැරීමට වීරයන් සිටීම ආඩම්බරයට හේතුවකි . එවැනි ඡන්ද දායක පිරිසකට අමතන්නේ අපේ උගත් ජනතාව කියාය.
රට වැසුවේ ජනතාව පිටරැටියෝ ගෙනා corona වෙන් ආරක්ෂා කිරීමට. අද වන විට දහස් ගාණක් අපේ ජනතාව දරුවන් සමඟ තමාගේ රටට ඒමට බලාගෙන සිටියි. Orphans are children of the state. අනාඅනාථයන් හඳුන්වන්නේ රජයේ දරුවන් හැටියට ය . තමාගේ රටට, එම ට හැකියාවක් නැති උන් අත් වන්නේ, පිටුවහල් කළ ජනතාවක් හැටියට ය. මේ ලියන මට රටට එන්න දෙන්න එපා යැයි හිටපු විදේශ ඇමතියෙකු ලිපි ලිව්වා. ඔහුට නිගා වේවායි මා ප්‍රාර්ථනා කෙරුවෙමි. අලි බබා විය. එබැවින් තමාගේ ජනතාව Stateless people ගෙන්වා ගැනීමට රජය සෑම පියවරක්ම ගත යුතු ය.

කියවන්න:  ජ්‍යෙෂ්ඨ ගුවන් විදුලි මාධ්‍යවේදී අසෝක තිලකරත්න මහතා අභාවප්‍රාප්ත වෙයි

දැනට අවුරුදු පහකට ප්‍රථමයෙන් ඩිලාන් පෙරේරා ඇමතිතුමා, විදේශීය සංචාරයක දී මා ඇසූ ප්‍රශ්නයක් නම්, “හදිසියෙත් මැදපෙරදිග සේවකයින් දහස් ගණනින් ලංකාවට ඒමට සිදු වූවොත් එයට ආර්ථික සැලැස්මක් රජයේ තිබේ දැයි”. එවකට සක් සමුළුවේ සභාපති ශ්‍රී ලංකාවට තිබුණු බැවින් මෙය සාක් රටවල් වලට පොදු ප්‍රශ්නයක් බැවින්, පොදු ක්‍රියාමාර්ගයක් ඉල්ලා සිටින්නේ නැත්තේ ඇයි දැයි මා ප්‍රශ්න කරමි. මා සමග විශ්වවිද්‍යාලයේ සිටී පැරණි එක් ශිෂ්‍යයෙක් හැටියට එය අප අතරේ සාකච්ඡාවක් නො වූ බව, අවංක ව කියා සිටීම එදා මම අගය කළෙමි. Mass Exodus.

ඔවුන්ට රට විරුවන් නොකිව්වට කමක් නැත. ජාත්‍යන්තරයේ අප මව්බිමට කීර්ති නාමයක් ගෙනා, $ බිලියන 9 යක වාර්ෂිකව විදේශ විනිමයක් ගෙන දුන්, ආර්ථිකයේ පමණක් නොව යුද්ධයේ විශාල ම බර ඉසිලුවේ, ලේ දහඩිය හෙලා බව අපි දනිමු. දරුවන් ගෙන් දෙමාපියන් වෙන් කර ,එම ඩොලර් මුදල්වලින් අවශ්‍ය බෙහෙත් ගෙනාපු ,වාහන ගෙනාපු, විදේශ සවාරි ගහපු දේශපාලනඥයන්ගෙන් අපි ඉල්ලා සිටින්නේ, දැන් වත් මරණ බියේ සිටින අවස්ථාවේ වත්, අපි ඒ දේශපාලන රියැලිටි ෂෝ එක මොහොතකට අඩු කර, පිට රට ඉන්න අපේ අම්මලාට තාත්තට සහ දරුවන්ට සාධාරණය ඉටු කරන්න කියන ඉල්ලීමයි. එය කරන හැටි නොදන්නවා නම්, අපව අමතන්න.
අතිගරු ජනාධිපතිතුමාටත් විදේශ අමාත්‍යාංශයටත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයටත් ඉල්ලා සිටින්නේ ,සෞඛ්‍ය වේදීන්ට හා ත්‍රිවිධ හමුදාවට මෙහි වැදගත්කම පෙන්වා සිටින ලෙස ය.

කුමුදු ෆොන්සේකා.-දිගු කාලීන සංචාරක හෝටල් ශේෂ්ත්‍රයෙහි මුල්‍ය කටයුතු පිලිබඳ අධ්‍යක්ෂ වරයෙකි .ආර්ථික විශ්ලේෂකයෙකි .කටාර් රාජ්‍යයෙහි ස්ටැෆර්ඩ් ශ්‍රී ලංකා පාසලෙහි ආරම්භක සභාපතිවරයා ද වේ .