කුමුදු ෆොන්සේකා.-දිගු කාලීන සංචාරක හෝටල් ශේෂ්ත්‍රයෙහි මුල්‍ය කටයුතු පිලිබඳ අධ්‍යක්ෂ වරයෙකි .ආර්ථික විශ්ලේෂකයෙකි .කටාර් රාජ්‍යයෙහි ස්ටැෆර්ඩ් ශ්‍රී ලංකා පාසලෙහි ආරම්භක සභාපතිවරයා ද වේ .

ඉතිහාසය පුරා ලෝකයේ ඇති වී තිබුණු ව්‍යසනකාරී තත්ත්වයකට  සසඳා, අද  සිදුවීගෙන යන  ආර්ථික පසු බැස්ම පැහැදිලි කිරීමට, ආර්ථික විද්‍යාඥයන්ට අපහසු වනු ඇත. 2008 ලෝක ආර්ථිකය බිඳ වැටුණු අවස්ථාවේදී ,ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ආර්ථික විශ්ලේෂකයින් කියා සිටියේ, ලෝක ආර්ථික අවපාතය සහ අවධමනය  ඉදිරියේ, මුහුණ දිය යුතු සැලැසුම් ඉදිරි පත් කරන ලෙසය. කෙටියෙන් කියතොත් එය ඇති වූයේ මූල්‍ය ක්‍රමය නියාමනය, (de-regularization ) කර නොමැති  නිසා ය. ( Par of great resitio.)

එවැනි තත්ත්වයක, ඉහළ පොලී අනුපාතයකට භාණ්ඩාගාර බැඳුම්කර හර හා විදේශ විනිමය රැස්කර ගැනීමට, එවකට හිටපු deputy  governor Mr. Gamage මහත්මා සමඟ මා කළ සාකච්ඡාවක් මට අමතක නොවේ. එවකට රජයේ අධික දායකත්වය බැඳුම්කරවල තිබීම  ශක්තිමත් ආර්ථිකයක් නිසා බව, කියා සිටියේ ය. ඊට කලින් සහ ඊට පසුව ද කළ බැඳුම්කර පිළිබඳව, කෝප් වාර්තා තිබිය දී, ලෝකයේ වැඩි ම පිළිගත් මුදල් ඇමතිවරයා, අද බැඳුම්කර ප්‍රශ්නයක පැටලී සිටියදී, ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට මා උත්සාහ දරන්නේ නැත .

කණගාටුවකට අද අපේ රට ඉතාම පහළ මට්ටමකින් ශ්‍රේණිගත කර තිබිය දී ,අනාගතයේ බංකොලොත් ආර්ථිකයක් හැටියට ශ්‍රේණිගත කිරීමට ප්‍රථමයෙන්, ආර්ථිකය  ගොඩනගා ගැනීමට රජයට සහාය වීම, අපි සියලු දෙනාගේ වගකීමකි. ලෝකයේ ඉහළ පෙළේ පිළිගත් මුදල් ඇමතිවරු සිටී නම්, ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීම, ජනාධිපතිට සහයෝගය දීම , අපි බලා සිටිමු. මා දන්නා පරිදි, මහ බැංකුවේ පමණක් නො ව, භාණ්ඩාගාරයේ දක්ෂ ආර්ථික විශ්ලේෂකයින් සිටිය ද, දේශපාලනය නිසා ඔවුන් ගේ අදහස් ඉදිරියට නොපැමිණීම, කනගාටුවට කාරණාවකි. මෑත අතීතයේ ලෝකයේ බලවත් රටවල පවා, මහබැංකුවට දේශපාලන ඇඟිලි ගැසීම ඉතාමත් කනගාටුදායක තත්ත්වයකි. පරණ දේශපාලනඥයෝ නැතුව, මේ රට පාලනය කළ නොහැකි යැයි කියා සිටි ඇමතිවරු ගැන මා දනිමි. පාර්ලිමේන්තු ව දැන් රැස් නොවන්නේ,  ඒ නිසා විය හැකිය .

අද පවතින මූලික ප්‍රශ්න පහක් පමණක්  අපි ගමු.

  • දරිද්‍රතාවයෙන් පෙළෙන ණය බරින් පෙළෙන දෛනික ආදායම වත් නොලැබෙන පිරිස සලකා බැලීම.
  • Virus නිසා පෙළෙන්නවුන් ප්‍රතිශක්තිකරණය ට  අවශ්‍ය පසුතල සූදානම් කිරීම.හැකි පමණ ජනතාවක් පර්යේෂණයට ලක් කිරීම.
  • දීර්ඝ කාලයක් අධ්‍යාපනය අහිමි වන දරුවන්ට, වෙනත් ක්‍රම හරහා අධ්‍යාපනය ලබා දීම.
  • විදේශ ණයෙන් මිරිකී සිටින රටක් හැටියට, ආනයන අපනයනය, ඒ සඳහා ආර්ථික සැලැස්ම  සමග, රේගු  රෙගුලාසි කඩිනම්ව ඇති කිරීම.
  • දේශීය ආර්ථිකයේ මූල්‍ය ප්‍රතිපත්ති, ඒ හරහා රැකියා විරහිත භාවය, මුදලේ  අවපාතය, බලාපොරොත්තු විය හැකි අවධමනය, පාලනය කිරීම ද, සුදුසු මහ බැංකු පොලී අනුපාත, මුදල් අච්චු ගැසීම, විනිවිද පේන බදු ක්‍රමයක් සහ යහ පාලන නීති නියම ආකාරයෙන් ක්‍රියාත්මක කිරීම. (මේ පිළිබඳ පිළිබඳ විශේෂ ලිපියක් මතු බලාපොරොත්තු වන්න )
කියවන්න:  අපට පුතේ මගක් නැතේ-කුමුදු ෆොන්සේකා.

කොරෝනා වෛරසය ලෝක ආර්ථිකයේ විශාල වෙනස්කම් ඇති කරමින්, කුඩා රටවල් වලට, තමා පවතින තත්ත්වයෙන් ගොඩ නැගෙන්නට ක්‍රියාමාර්ග ගැනීමට, රට තුළින් ම එන අදහස් වැදගත් බව, ප්‍රකාශ කළ යුතුය. ඉතිහාසය පුරා ම දේශපාලනඥයින් කළ වැරදි සහ දූෂණ, කොරෝනා වෛරස් ගිණුමට හර කිරීමෙන් පමණක් නොවැළකී, විධිමත්  විදේශ ප්‍රතිපත්තියක් සහ ආර්ථික ප්‍රතිපත්තියක් ගොඩ නැගීම, පාලකයින්ගේ වගකීමකි. මෙයට අවශ්‍ය කරන  ජාන අද සිටින දේශපාලනඥයින් ළඟ නැති බව කවුරුත් දනී.

සලකා බැලිය යුතු සුවිශේෂ තත්ත්වයන් නම්

  • රැකියා විරහිත භාවය, ජනතා අභිලාෂය තේරුම් ගෙන ජනතාවගේ සහභාගිත්වයෙන් ආර්ථිකය ගොඩ නැගීම. Aggregate efforts of the people, Social integration and respecting human capital.
  • සංචාරක ව්‍යාපාරය ගොඩ ගැනීමට යන කාලය කඩිනම් කිරීමෙහි ලා ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ශක්තිමත් කිරීම.
  • මුදල් අච්චු ගහන ප්‍රමාණය සහ එහි භාවිතය පිලිබඳ ජනතාව දැනුවත් කිරීම. බිම් සහනාධාර කලින් පඩි ගෙවීම් කළ හැක්කෙ මුදල් අච්චු ගැසීමෙන් පමණි.
  • නිදහස් අධ්‍යාපනය සහ නොමිලේ  දෙන සෞඛ්‍ය ක්‍රමය විධිමත් කිරීම. මේ හරහා විදේශයන් හි අධ්‍යාපනය හැදෑරීමට යන දුවා දරුවන් අඩු කිරීම. අපේ අධ්‍යාපන ක්‍රමය අනිත් රටවලට මිලක් විය හැකි ආකාරයට දියුණු කිරීම. Example PIM and knowledge economies.
  • දේශීය වෛද්‍ය ක්‍රමය දියුණු කිරීම. පෞද්ගලික ඉස්පිරිතාල ජනසතු කිරීම පිළිබඳව සිතා බැලීම.(එක්දහස් නවසිය පනස් හයේ බස් ජනසතුව සහ ඉඩම් ජනසතුව  නියම ජනසතු කිරීම් නො වේ.ජනතාව සතු වන අධි මිලකට ය ) මේ හා ශක්තිමත් සෞඛ්‍යය සම්ම්පන්න සමාජයක් බිහිවීම කිව යුතුයි. නැවත මෙවන් විෂබීජ යුද්ධයට සූදානම් විය යුතුය. Great depression led to world war  two.
  • දේශපාලනඥයන්ගේ ඉඩම් ජාවාරම් වහාම නතර කිරීම. 1974 ඉඩම් පවස පනත සිට නව කෙටුම්පත් හරහා, රජයට අයිති ඉඩම් බෙදා ගත් ඉඩම්, නැවත රජයට පවරා ගෙන ක්‍රියාවන් විධිමත් කළ යුතු ය.
  • භෞතික සම්පත් ආරක්ෂා කිරීම. මතු පරපුරට අයිති දේ අපට විකුණන් අයිතියක් නැත .
  • රටේ සංස්කෘතිය ආරක්ෂා කරන ගමන්, සිංහල භාෂාවට හිමි තැන සලකා බැලීම.
  • කෘෂි කර්මාන්තය දියුණු කිරීම ජනතාවගේ සහභාගිත්වයෙන් ඇති කිරීම, ඉඩම් අයිතිය පිළිබඳ ව යොමුවක් සොයා බැලීම,
  • සෞඛ්‍යය සම්පන්න සමාජයක් බිහි කිරීමට, සුදුසු ආකාරයේ බෝග වගාව .
  • තාක්ෂණික නිපුනත්වයක් පර්යේෂණ සහ තාක්ෂණ දැනුම දියුණු කිරීම.
  • මව් භාෂාව සහ මව් රට ආරක්ෂා කිරීමේ ජාතික සැලැස්මක් ගොඩ නැගීම.
  • බදු දැලෙන් මිදී ,බදු නොගෙවා සිටිය සිටින ව්‍යාපාරිකයින් හා දේශපාලකයින්, නීති හමුවට ගැනීම. මේ වෙනුවට දේශපාලනඥයින් උත්සාහ කරන්නේ ,බදු නිවාරන යෝජනා කිරීම ය.
කියවන්න:  කොරෝනාවට පෙර තිබූ, ඊ-කොරෝනාව, e-corona මර්දනය කිරීම - කුමුදු ෆොන්සේකා

ඉහත කී තත්ත්වයන් ගොඩනැංවීම සඳහා ආර්ථික සැලසුමේ පළමුවන අදියර .

  • තෙල් මිල අඩු වීම නිසා, පිරිවැය අඩු වීම හරහා බඩු  මිල අඩුවීම. With low cost price will come down.
  • මානව  ආයෝජනය ,මූල්‍ය ආයෝජනය හා සමානව වැදගත් දෙයක් බව, තේරුම් ගනිමු. Super prices, Super profits සහ Super  salaries පාලනය කර,  තුලනාත්මක ආර්ථිකයක් බිහි කළ යුතුය. උදාහරණයකට අවම  පඩියක් සහ වැඩිම පඩියක් සීමා  කිරීම. (අද සමහර සේවකයින්ගේ පඩි, මිලියන පහයි, අනෙකුත් පහසුකම් ද සමග. එසේ වුවද සේවකයින්ගේ පඩිය රුපියල් 1000/= දවසකට.) බදු නිර්දේශ දැමීම.
  • මනුෂ්‍ය ප්‍රාග්ධනය, ජනතාවගේ සහභාගීත්වය,  ජාත්‍යන්තරයෙන්  අපේක්ෂා කරන ප්‍රාග්ධනය  හා සමාන වැදගත් බව පිළිගත් සැලැස්මක් දියත් කිරීම .
  • පිටතින් ගෙන ඇති ණය ගෙවන ආකාරය පිළිබඳව ප්‍රඥප්තිය  සකස් කිරීම.
  • රාජ්‍ය වියදම කපා හැරීම පමණක් නොව, බදු අය කරන ගමන්  බදු ගෙවන්නා සඳහා යුතුකම් ඉටු කරන  ගමන්,  දරිද්‍රතාවයෙන් මිරිකී සිටින ජනතාවට, ජීවිකාවක් දීමට කටයුතු  කිරීම.
  • රජය, ගොවීන්ට සහ දුප්පතුන්ට බෙදා දෙන සහනාධාර සහ බදු ඉඩම්, ගෙවල්, දේශපාලනඥයන්ගේ මැදිහත්වීම මත සිදුවීම වහා නතර කළ යුතුය. විදේශ ගත ශ්‍රමිකයන්, රටේ කම්කරුවන්, පැල්පත් ජනතාව, හිසට වහලක් නැතුව දුක් විඳිද්දී, දේශපාලන හෙන්චයියලා ,ඉඩම් අයිති කර ගැනීම වහා නතර කළ යුතු ය.
  • අවසානයේ, මෙම අදියරේ ම, පරන මුදල් නෝට්ටු අවලංගු කර ,අලුත් මුදල් නෝට්ටු ව දීම හරහා සංසරණයට නොපැමිණි මුදල් ,නැවත ගෙන ඒම හා බදු අය කිරීම.
  • MCC, ෂැන්ග්‍රිලා වැනි නූතන අධිරාජ්‍යවාදී බලපෑම් වලින්, රට ආරක්ෂා කළ යුතු ය.

තුන් වන  මහා ලෝක සංග්‍රාමය, න්‍යෂ්ටික යුද්ධයක් ද ,විෂබීජ යුද්ධයක් ද ,සයිබර් යුද්ධයක් ද ,මේ තුනම එකතු වත්ද විය හැක. කොරෝනා වෛරසය තුන් වන ලෝක යුද්ධය, ඇවිලී යාමට හේතුවක් ද විය හැක.එසේ නම්, මෙම මොනව වෛරසය අප වැනි රටකට ආර්ථික විප්ලවයක් ඇති කිරීමට හොඳ අවස්ථාවකි.

කියවන්න:  ජීවිකාව ආරක්ෂා කරන බුද්ධිමත් ආර්ථික සැලැස්මක් -කුමුදු ෆොන්සේකා

මානව හිතවාදියෙක් හැටියට ජනාධිපති වරයා, ජාත්‍යන්තරයට ගෙන යා යුත්තේ, නැවත නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරයයි. The world will move to multi polar.

ජර්මනියට හිට්ලර් වැනි, තව නායකයෙක් බිහිවීම බලාපොරොත්තු නොවිය යුතුය.

අද ජනාධිපතිතුමාට ,යල්පැනපු දේශපාලකයින් හා හොර ජාවාරම් කාරයන්ගෙන් තොර සංහිඳියාවක් ඇති කණ්ඩායමකගේ, ආවරණය හා මගපෙන්වීම නිතැතින්ම අවශ්‍ය වී තිබේ.

ඉතිහාසය පුරා ලංකාවේ සිදු වු, ජනාධිපතිවරයා අගමැති ආරක්ෂා කරන, අගමැති ඇමතිවරු ආරක්ෂා කරන, ඇමති වරු  මන්ත්‍රීවරු ආරක්ෂා කරන, මන්ත්‍රීවරු ප්‍රාදේශීය සභා ආරක්ෂා කරන, ආණ්ඩු ක්‍රමය අපි හොඳින් හදුනමු. එකිනෙකා පත් කරන අය බලාගන්න රාමුව බිඳ දැමීම වියයුතුය .  ජනාධිපතිතුමනි, සුදුස්සාට සුදුසු තැන දෙන ,ඥානාන්විතව රට පාලනය කිරීමට, ඔබට දෙවි පිහිට ලැබේවා යි ප්‍රාර්ථනා කරමි .-කුමුදු ෆොන්සේකා.-

කුමුදු ෆොන්සේකා.- දිගු කාලීන සංචාරක හෝටල් ශේෂ්ත්‍රයෙහි මුල්‍ය කටයුතු පිලිබඳ අධ්‍යක්ෂ වරයෙකි .ආර්ථික විශ්ලේෂකයෙකි .කටාර් රාජ්‍යයෙහි ස්ටැෆර්ඩ් ශ්‍රී ලංකා පාසලෙහි ආරම්භක සභාපතිවරයා ද වේ .