සංගීතවේදී ඔස්ටින් මුණසිංහ ගී තනු 500 ප්‍රමාණයක් නිර්මාණය කළ, වේදිකා නාට්‍ය 50 කට, තම සංගීතය මුසුකල, ජනහිත් තුල ලැගුම්ගත්,විශිෂ්ට නිර්මාණ සමුච්චයක හිමි කරුවෙකි.අවුරුදු 55 ක කෙටි ජීවිත කාලය තුල තම නිර්මාණ දිවිය වෙනුවෙන් සිය ජීවිතයේ 35 වසරක වැඩදායක නිර්මාණ දිවියක් තුල , අතිශය විශිෂ්ට නිර්මාණ එකතුවක් සමාජ ගත කළේය. එය දේශීය සංගීතයක් වෙනුවෙන් ඉටුකළ පුරෝගාමී මෙහෙවරක් වූ අතරම, සිංහල ගීතයේ පර්යේෂණාත්මක නිර්මාණ රැසක් එයට අඩංගුය.

1997 අප්‍රේල් 28 දින ජාතියට අහිමි වූ එතුමාගේ 29 වන අනුස්මරණය යෙදී තිබේ. ඒ නිමිත්තෙන් ඔස්ටින් මුණසිංහ මැතිනිය, අචිරවති යාලගම විසින් රචිත සංගීතවේදී ඔස්ටින් මුණසිංහ සොදුරු ගීතාවලෝකනය කෘතිය දොරට වැඩීම, සහ ආලයවන් ප්‍රසංගය ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ආවේනික ගුණාංග වලින්කි සපිරි ඔස්ටින් මුණසිංහ කිසිවෙකුගේ සිත් නොරිදවුවෙකි. තැම්රපත් චරිතයක් වුවද රසබර කතාබස් කරුවෙක් ලෙස ක්ෂේත්‍රයේ ප්‍රකටය. අමිහිරි නොවූ අවර්ජනා වලින් පිරිපුන් ඔහුගේ ජීවිතය හැබවින්ම අර්ථාන්විතය.තම ජීවිතේ උගත්ර සහ භාවිත සංගීත ඥානය උපයෝගී කොට රසාලිප්ත තනු නිර්මාණරැසක් ජන මන රිද්මය තුල මනා ලෙස සම්මිශ්‍රණය කරන්නට ඔහුගේ නිර්මාණ වලට හැකිවිය.

කියවන්න:  ව්ලැදිමීර් පුටින්: හිතුණදේ කරන අමුතු හිතුවක්කාරයා